
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ වන කේට් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණීමට නියමිතව තිබේ.
ඒ අනුව, ඔවුන් හෙට (16) සිට ලබන 18 වැනිදා දක්වා මෙම නිල සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
විලියම් කුමරු විසින් පරිසර සංරක්ෂණය සඳහා වන නවෝත්පාදන දිරිගැන්වීමේ අරමුණින් ආරම්භ කරන ලද සම්මාන උළෙලකට සහභාගී වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් බව සඳහන් වේ.
2024 වසරේදී පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව කේට් කුමරිය, විලියම් කුමරු සමඟ එක්ව සිදුකරන පළමු විදේශ සංචාරය මෙය වීම ද විශේෂත්වයකි.
එමෙන්ම, 2016 වසරෙන් පසුව මෙම රාජකීය යුවළ එක්ව ඉන්දියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව ද මෙය බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
















































