
වත්තල, කෙරවලපිටිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 98කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යුද්ධ හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග ඊයේ (12) සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 37ක ප්‍රමාණයක් නිලධාරීන් භාරයටද ගෙන තිබේ.
යුද හමුදාව පැවසුවේ නිලධාරීන් භාරයට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් 9,851,500.00ක් වන බවට ඇස්තමේන්තු කර ඇති බවය.
සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධව ඉදිරි විමර්ශන වත්තල පොලිස් ස්ථානය විසින් සිදුකිරීමටද නියමිතය.



















































