
මෙරට වනජීවී සම්පත සුරැකීම, අලි-මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින් නවීන සිංගල් කැබ් රථ 84ක් එම දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙනි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එක්වරකදී ලබා දුන් විශාලතම වාහන තොගය මෙය වන අතර, ඒ අනුව එම දෙපාර්තමේන්තුව සතු සමස්ත වාහන සංචිතය 294ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, සිංගල් කැබ් රථ 84ක්, ඩබල් කැබ් රථ 16ක්, කෲ කැබ් රථ 03ක්, යතුරුපැදි 181ක්, ට්‍රැක්ටර් 09ක් සහ අත් ට්‍රැක්ටරයක් මේ වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතී.
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව වනජීවී ක්ෂේත්රයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති මානව හා භෞතික සම්පත් හිඟය පියවා ගැනීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම, මෙම වාහන බෙදා දීමේදී අලි-මිනිස් ගැටුම් බහුලව වාර්තා වන ප්‍රදේශවල සහ වන විනාශය වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවල පිහිටි අඩවි කාර්යාල වෙත ප්‍රමුඛතාව ලබා දීමට ද පියවර ගෙන තිබේ.

















































