header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගාල්ල වරායට ගෙන ආ ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන එකහමාරකට අධික මත්ද්‍රව්‍ය
ගාල්ල වරායට ගෙන ආ ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන එකහමාරකට අධික මත්ද්‍රව්‍ය
Mobitel 1278

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක් මත සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන එකහමාරකට අධික විෂ මත්ද්‍රව්‍ය තිබූ බවට අනාවරණය වී ඇතැයි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර පවසයි.

අද (13) එම යාත්‍රාව ගාල්ල වරායට රැගෙන ඒමෙන් අනතුරුව එහි නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ 'යසිරු පුතා' නැමැති ධීවර යාත්‍රාව පසුගිය 11 වැනි දින සිය භාරයට ගනු ලැබීය.

එහිදී එම යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකුද නාවික හමුදාව සිය භාරයට ගනු ලැබූ අතර පසුව එම යාත්‍රාව සහ ධීවරයින් පිරිස අද උදෑසන ගාල්ල වරායට රැගෙන එනු ලැබීය.

එහිදී සිදුකළ පරීක්ෂාවේදී ඒ තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සනාථ කරගනු ලැබීය.

ඒ අනුව යාත්‍රාව තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 60කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 50කට වැඩි ප්‍රමාණයක් තිබූ බවටද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරගනු ලැබීය.

කෙසේ වෙතත් අදාළ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම මත්ද්‍රව්‍යවල සමස්ත බර කිලෝග්‍රෑම් 110කට අධික බවද පැවසීය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා,

"නාවික හමුදාව විසින් අත්අඩංගුවට අරන් තියෙන්නේ මිරිස්ස ධීවර වරායෙන් ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින් පිරිසක්. ඒකේ සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත්තා ඒ යාත්‍රාවත් සමගම. එහි දැනට තියෙන තොරතුරු අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සනාථ කරගෙන තියෙනවා සිදුකර පරීක්ෂණ මගින් හෙරොයින් කිලෝග්‍රෑම් 60කට කිට්ටුව ඇති කියලා. ඒ වගේම අයිස් මත්ද්‍රව්‍යත් කිලෝ 50කට වැඩියි. සම්පූර්ණයෙන් ගත්තොත් කිලෝග්‍රෑම් 110කට වැඩි විෂ මත්ද්‍රව්‍ය තියෙනවා. මේකේ මිල  ගත්තොත් වීථිවල මිල අනුව ගත්තාම රුපියල් බිලියන එකහමාරකට වඩා වැඩි ප්‍රමාණයක් වගේ දැනට නිශ්චය කරන්න පුළුවන්. නමුත් මේක දැනට සිදුකරන පරීක්ෂණ අනුව වෙනස් වෙන්න පුළුවන්." 

MostRead
Mobitel 1278
VideoStories
 අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි