
පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ නීතිවිරෝධී රන් කැණීම් වැටලීමේ මෙහෙයුමක් සඳහා ගමන් කරමින් සිටි පොලිස් වෑන් රථයකට සැඟව සිටි ත්‍රස්ත කණඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කෝහාට් දිස්ත්‍රික්කයේ ගුම්බට් කෝහාට් ප්‍රදේශය බලා ගමන් කරමින් සිටි පොලිස් කණ්ඩායම, කෝහාට් සහ කරක් අතර පිහිටි ඩර්බොකාච් Jalandhar Banda ප්‍රදේශයේදී මෙම ප්‍රහාරයට ලක්වී ඇති බව වාර්තා වෙයි.
ප්‍රහාරකයින් කඳු මුදුන්වල සිට පොලිස් නිලධාරීන් ඉලක්ක කර වෙඩි තබා ඇති අතර ඉන් ජීවිත හානි සහ පොලිස් වාහනවලට දැඩි අලාභහානි සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙම ප්‍රහාරය අතරතුර ජංගම පොලිස් රථ පහකට ද ගිනි තබා ඇත. ප්‍රහාරකයින් පොලිස් නිලධාරීන් වෙත අඛණ්ඩව වෙඩි තැබීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර දරුණු වෙඩි හුවමාරුවක් ද සිදුවී ඇති බව සඳහන්ය.

















































