
ශ්‍රි ලංකාව යළි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමිගතවීමේ වැඩි සමිබාවිතාවක් පවතින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය.
ඊයේ (12) රාත්‍රි විකාශය වු විශේෂ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ප්රශ්නය - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත වෙලා යාමේ අවශ්‍යතාවය පිළිබඳව සහ සංචිතවල තත්ත්වය සම්බන්ධයෙන් සොයා බලන්න ඔබතුමාලා ඇතුළු කණ්ඩායමකට වගකීම පවරලා තියෙනවා. මොකක්ද මේ කමිටුවේ මේ වනවිට තියෙන තත්ත්වය, මොන වගේ දෙයක් ශ්‍රී ලංකිකයින්ට බලාපොරොත්තු වෙන්න වෙයිද?
"කමිටුව පත් කළේ අවසන් වරට පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. නමුත් තවමත් එම කමිටුව රැස්වී නැහැ. අපට මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට තිබෙනවා.
17 වැනි වැඩසටහන ඉතාමත් සාර්ථකව අවසන් කරන විට අපට වගකීමක් තිබෙනවා. දැන් එහිදී පැවරී තිබූ වගකීමට වඩා වෙනස් වගකීමක් අපට පැවරී තිබෙනවා.
කලින් අපේ අරමුණ වුණේ ස්ථාවරත්වය අත්පත් කර ගැනීමයි. දැන් අපි උත්සාහ කරන්නේ ඉදිරි පිම්මක් පැනීමටයි. එම පිම්ම පැනීමේදී විශේෂ වැඩසටහනක් නොතිබුණත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් සංවිධාන සමඟ අප නිරන්තරයෙන් කටයුතු කරනවා.
නමුත් මේ ඉදිරි පිම්ම පැනීමේදී අපේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අධ්‍යයනය කර බැලිය යුතුයි. ඉදිරියේදී කමිටුව රැස්වීමෙන් පසු වාර්තාව ඉදිරිපත් කිරීමට පෙරත් අපට කරුණු ඉදිරිපත් කළ හැකියි. එසේ නොමැති නම්, වාර්තාව මඟින් මේ පවතින තත්ත්වය යටතේ වඩාත් උචිත වන්නේ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඉන් අනතුරුව ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගත යුත්තේ කැබිනට් මණ්ඩලයයි."
ප්රශ්නය - දැන් මෙවැනි කමිටුවක් පත් කිරීම තුළම, මම හිතන්නේ අවශ්‍යතාවයක් විදිහටම යම්කිසි යක් පළවෙනවා. මම අනාවැකියකරුවෙක් නෙමෙයි. හැබැයි මම විශ්වාස කරනවා, බොහෝ විට ශ්‍රී ලංකාව තවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සමඟ කුමන හෝ වැඩසටහනක් සමඟ ගිවිසුම්ගත වීමක්, මම කියන ඉංග්‍රීසියෙන් කියනවා නම් "possible" කියලා ද ?

















































