
යතුරුපැදි දෙකක් රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ ලේඛන ලබාදීම සඳහා රුපියල් 30,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා එල්ල වූ රේගුවේ රේගු ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (12) පස්වරු 2.25ට පමණ ශ්‍රී ලංකා රේගු ප්‍රධාන කාර්යාලය තුළදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ජපානයේ සිට මෙරටට ගෙන්වන ලද යතුරුපැදි දෙකක් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ලේඛන පැමිණිලිකරුට ලබාදීමට එක් යතුරුපැදියකට රුපියල් 15,000 බැගින් රුපියල් 30,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

















































