header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගංගා කිහිපයක් සුළු ගංවතුර මට්ටමේ - අවවාදාත්මක නිවේදනයක්
ගංගා කිහිපයක් සුළු ගංවතුර මට්ටමේ - අවවාදාත්මක නිවේදනයක්
Mobitel 1278

පහුගිය පැය 24 තුළ දකුණු, බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි වර්ධනය වී ඇති බවත්, පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම සුළු ගංවතුර මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ප්‍රධාන කළමනාකරණ ඉංජිනේරු එල්. එස්. සූර්යබණ්ඩාර මහතා පවසයි.

වර්ෂාපතන තත්ත්වය ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ ගිං ගඟ සහ නිල්වලා ගඟේ ඉහළ ප්‍රදේශවලට වන අතර, එහි අගය මිලිමීටර් 100 ත් 120 ත් අතර අගයක් ගනී.

මීට අමතරව,කළු ගඟේ ඇතැම් ස්ථාන (මාගුරු ගඟ ආශ්‍රිතව) - මිලිමීටර් 100 කට ආසන්නයි.

ගම්පහ අත්තනගලු ඔය පහළ ප්‍රදේශය - මිලිමීටර් 100 කට ආසන්නයි

කතරගම ආශ්‍රිත ප්‍රදේශය - මිලිමීටර් 100 කට ආසන්නයි

සෙසු බොහෝ ප්‍රදේශ - මිලිමීටර් 50 ත් 75 ත් අතර වර්ෂාපතනයක් ලබා දී ඇති අතර, උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ උතුරු මැද පළාත් ඇතුළුව දිවයින පුරාම මෙම වැසි ස්වභාවය විහිදී පැතිරී තිබේ.

පවතින වර්ෂාවත් සමඟ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් සුළු ගංවතුර මට්ටම්වල පවතින බව ඉංජිනේරු එල්. එස්. සූර්යබණ්ඩාර මහතා පෙන්වා දෙයි.

නිල්වලා ගඟ - අකුරැස්ස සහ ඉන් පහළ ප්‍රදේශ සුළු ගංවතුරට ආසන්න මට්ටමක පවතින නමුත් විශාල වැඩිවීමක් පෙන්නුම් නොකරයි.

ගිං ගඟ - බද්දේගම සහ ඒ ආසන්නයේ සුළු ගංවතුර තත්ත්වයක් පැවතියද, එය තවදුරටත් විශාල ගංවතුරක් දක්වා වර්ධනය වීමක් පෙන්වන්නේ නැත.

කළු ගඟ - මාගුරු සහ මිල්ලකන්ද ජල මට්ටම් සුළු ගංවතුර මට්ටමට ආසන්නයේ පවතියි.

කැලණි ගඟ - සාමාන්‍ය ජල මට්ටම් ඉහළ යාමක් පෙන්නුම් කළත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් නැත.

අත්තනගලු ඔය - ගම්පහ, දූනමලේ සහ ඉන් පහළ ප්‍රදේශවල සුළු ගංවතුර මට්ටමක පවතී.

මහා ඔයජල මට්ටම්වල සාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කළත් ගංවතුර අවදානමක් නැත.

අද දිනත් තෙත් කලාපයේ ප්‍රදේශ මෙන්ම ඌව, දකුණු, බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල සැලකිය යුතු තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතියි.

මෙම තත්ත්වය යටතේ බොහෝ ජලාශවල වාන් දොරටු විවෘත වීමට ඉඩ ඇති අතර, කෙටි කාලයක් තුළ ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් සහ මාර්ග ක්ෂණිකව ජලයෙන් ය යට වීමේ අවදානමක් පවතී.

එබැවින්, සුළු ගංවතුර මට්ටම්වල පවතින ගංගා ආශ්‍රිතව සහ ඔයවල් අසල ජීවත් වන ජනතාව ජල මට්ටම්වල සිදුවන ක්ෂණික විචල්‍යතා පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ගංගා පරිහරණයේදී ඉතාමත් කල්පනාකාරී වන ලෙසත්, වරින් වර නිකුත් කරනු ලබන නිවේදන කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
 

MostRead
Mobitel 1278
VideoStories
 අකාලයේ මිලිනවී ගිය සකුරා මල

අකාලයේ මිලිනවී ගිය සකුරා මල

 කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කල් ගිය රනිල්ගේ නඩුව... සුගීෂ්වර තවදුරටත් රිමාන්ඩ්... ජොන්ස්ටන්ගේ නඩුවත් කල්යයි

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

කස්සප හිමි මාරාන්තික උපවාසයක... සසුන රැකගන්න මිහින්තලා කටුසෑයේදී අධිෂ්ඨාන පූජාවක්

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

ඉදිරි දින කිහිපයේ දැඩි අවධානයෙන් ඉන්න ! | මුළු ලෝකයේම සිදුවෙන කාලගුණ වෙනස මෙන්න

 මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

මාරාන්තික උපවාසය ඇරඹීම ගැන හේතු කියන කස්සප හිමි

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි