
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර රාවල්පිණ්ඩ්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනට තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 404ක් රැස්කරගෙන සිටියේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම, පාකිස්තාන පළමු ඉනිමට (434/9d) වඩා තවත් ලකුණු 30ක් පමණක් පසුපසින් සිටි.
කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 167ක් හා නායක කුසල් මෙන්ඩිල් ලකුණු 117ක් රැස්කරගෙන ඇත.
පන්දුවාර 60ක් පුරා කඩුල්ලේ රැඳි සිටින ඔවුන් දෙදෙනා මේ වනවිට 5වන කඩුල්ලට ලකුණු 249ක සබඳතාවක් පවත්වා ඇත.
තරගය අඳුරු ආලෝකය හේතුවෙන් නියමිත වේලාවට පෙර අවසන් කිරීමට සිදුවිය.
















































