
අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 41 හැවිරිදි උණවටුන ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
පොලිසිය පැවසුවේ එම කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උණවටුන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවූ බවය.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 134 අධික ප්‍රමාණයක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 125 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද සඳහන්.
















































