
කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව - ගනේතැන්න අතර මාර්ග කොටසේ එක් මං තීරුවක් විවෘත තැබීමට තීරණය කළ බව මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.
ඔහු සඳහන් කළේ ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීමේ අවධානම් තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ ස්ථානීය පරීක්ෂණවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
වර්ෂාව පැවතිය හොත් රාත්රී කාලයේදී මාර්ගය වසා තැබීමට තීරණය වූ බව දිස්ත්රික් ලේකම්වරයා පැවසීය.
කෙසේවෙතත් හැකි තාක් දුරට විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















































