
2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්ව තිබේ.
පසුගිය ඔක්තෝබර් 07 සහ 08 යන දිනවල කොට්ටාව ධර්මපාල විදුහල් පරිශ්රයේදී පැවැති මෙම තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ ප්රමුඛ පාසල් රැසක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවෝ විශාල පිරිසක් සහභාගී වූහ.
එහිදී වයස අවුරුදු 10, 12, 14, 16 සහ 20 යන සියලුම ප්රධාන වයස් කාණ්ඩවල ශූරතා දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සමත්වීම විශේෂත්වයකි.
එමෙන්ම වයස අවුරුදු 08න් පහළ කාණ්ඩයේ අනුශූරතාව ද දිනාගැනීමට ඔවුන් සමත්ව තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලි ඉතිහාසයේ සමස්ත ශූරතාව දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය රාජකීය විදුහලේ චෙස් ක්රීඩා ඉතිහාසයට එක්වනු ඇත.
















































