header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කෙටි කාලයකදී තද වැසි ලැබීමෙන් ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
කෙටි කාලයකදී තද වැසි ලැබීමෙන් ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
Mobitel 1278

කෙටි කාලයක් තුළ ඉහළ තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන්ම ගංගා ආශ්‍රිතව සහ පහත්බිම්වල ජීවත් වන ජනතාව මෙන්ම මාර්ග භාවිත කරන පුද්ගලයින් ද තම ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසීය.

ඉදිරි දින කිහිපයේදීත් සැලකිය යුතු තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අදාළ ආයතන නිකුත් කරන නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහද් දැක්වූ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා,

"අද දවසේ ගංගාවල තත්ත්වය සහ වර්ෂාපතනය පිළිබඳ සැලකුවොත්, විශේෂයෙන්ම මේ වන විට පසුගිය පැය 24 තුළ ලැබිච්ච වර්ෂාපතනයන් සැලකීමේදී වැඩිම වර්ෂාපතනය අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලිමීටර් 130 කට ආසන්න ප්‍රමාණයක් දකින්නට තියෙනවා. අනිත් වර්ෂාපතනය වැඩි ප්‍රදේශ ගතහොත්, විශේෂයෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කයේ ගිං ගඟ සහ නිල්වලා ගඟ, ඒ වගේම කළු ගඟ, කැලණි ගඟ, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක. ඒ වගේම කෑගල්ල, මාතලේ සහ නුවර දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවල මිලිමීටර් 50ත් 100ත් අතර වර්ෂාපතනයන් දකින්නට තියෙනවා. ලංකාවේ අනිත් බොහෝ ප්‍රදේශවලත් ඊයේ දිනයේ සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. අද දිනයේ පුරෝකථනයන් තියෙන්නෙත් තව තරමක තද වැසි ලැබීමේ පුරෝකථනයක් සමඟ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමටයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා නිවේදන නිකුත් කරලා තියෙනවා. නිල්වලා ගඟේ පහළ ප්‍රදේශයේ මේ වන විට ජල මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පැවතියත්, තවමත් සුළු ගංවතුර මට්ටමක පවතිනවා (විශේෂයෙන් අකුරැස්ස, මාලිම්බඩ, කද්දුව ඇතුළු පහළ ප්‍රදේශ). විශාල වැඩිවීමක් දකින්නට නැහැ. ගිං ගඟ, බද්දේගම සහ එය ආසන්නයේ සුළු ගංවතුර මට්ටමක පවතින අතර, ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. කළු ගඟ, මිල්ලකන්ද සහ කුඩා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර මට්ටමක පවතින අතර, කළුතරට ආසන්න ස්ථාන කීපයක සුළු වැඩිවීම් තිබුණත් විශාල ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් නැහැ. කැලණි ගඟ ජල මට්ටම් ඉහළ අගයක පැවතියත් ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමට ආසන්නයේ පවතින නමුත් ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. මහා ඔයේ (බඩල්ගම ආදී ප්‍රදේශවල) සාමාන්‍ය වැඩිවීමක් තිබුණත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැත. මහවැලි ගඟ නාවලපිටිය සහ පේරාදෙණිය ජල මට්ටම් අනතුරුදායක මට්ටමක පවතින්නේ නැත. කෙසේ වෙතත්, මේ දිනවල ඉතා කෙටි කාලයක් ඇතුළත දැඩි තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයක් ලැබීම (ඊයේ අම්පාරේ පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ මිලිමීටර් 130 කට ආසන්න වර්ෂාපතනයක් ලැබුණා මෙන්) ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇති කිරීමට හේතු විය හැක. එම නිසා, විශේෂයෙන්ම ගංගා අසල සහ පහත් බිම් ආසන්නයේ ජීවත් වන ජනතාවද, මාර්ග භාවිතා කරන අයද තම ප්‍රදේශවල ලැබෙන වර්ෂාපතනයන් පිළිබඳ නිතර සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා. ඉදිරි දින කීපයේත් සැලකිය යුතු තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අදාළ ආයතන නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා."

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

රේස් ගිය බස් එකට ගැටී 4ක් මරුට - 6කට බරපතළයි

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

මේ වසරේ මෙතෙක් මාරක රිය අනතුරු 2,257කින් 2,381ක් මිය ගිහින්

 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට