
සරම්ප රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය යන බන්ධනාගාරවල රැඳවියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර පාලනාධිකාරිය විසින් අදාළ අධිකරණ වෙත ලිඛිතව දැනුම් දීමක් සිදුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේය.
ඒ අනුව, අද (09) දිනයේදී එම බන්ධනාගාරවලින් කිසිදු රැඳවියෙකු අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බව ද වාර්තා වේ.
කොළඹ රිමාන්ඩ්, මැගසින් සහ වැලිකඩ යන බන්ධනාගාරවල රැඳවියන් අතරින් සරම්ප රෝගීන් කිහිපදෙනෙකු පසුගිය දිනවල වාර්තා වී ඇති අතර, එම රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත්කරණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















































