
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
ඒ අනුව ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.
තරගය අද (09) පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී ආරම්භ විමට නියමිතය.
ශ්රී ලංකා කණ්ඩායම: කුසල් මෙන්ඩිස් (නායක), ලහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, ධනංජය ද සිල්වා, සොනාල් දිනූෂ, මිලාන් රත්නායක, ලහිරු කුමාර, අසිත ප්රනාන්දු, දිල්ෂාන් මධුශංක.
පාකිස්තාන කණ්ඩායම: බාබර් අසාම් (නායක), අසාන් අවයිස්, තය්යබ් අරිෆ්, මොහොමඩ් තහා, සවුද් ශකීල්, සල්මාන් අගා, ගාසි ගෝරි, අරෆත් මිංහාස්, රසාඋල්ලා, මොහොමඩ් අබ්බාස්, සාකිබ් ඛාන්.
















































