
දීපවාලි උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ජාතික ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි සභාපති සංජීව කනගරත්න මහතා පැවසුවේ අද (06) සිට මෙම විශේෂ ප්‍රවාහන සේවාව ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇති බවය.
ඒ අනුව අද සිට දින එළැඹෙන ඉරිදා දිනය දක්වා පුරා දින තුනක් මෙම විශේෂ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වන බව සංජීව කනගරත්න මහතා සඳහන් කළේය.
ඒ මහතා පැවසුවේ අද දිනයේදී සාමාන්‍ය ගමන්වාරවලට අමතරව මේ වන විටත් විශේෂ ගමන්වාර 70කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇති බවය.
එමෙන්ම මෙම විශේෂ ප්‍රවාහන සේවාව මගින් අවසාන මගියා දක්වාම ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ජාතික ගමනාගමන මණ්ඩලය කටයුතු කරනු ඇති බවද ඒ මහතා පැවසීය.
තවද දීපවාලි උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට එළැඹෙන ඉරිදා දින සිට නැවත කොළඹ දක්වා පැමිණීමටද අදාළ ප්‍රවාහන පහසුකම් සපයා ඇති බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
"අද අපි බස් 102ක් ඇරේන්ජ් කරලා තියෙනවා අමතර ගමන්වාර. හෙට අමතරව ගමන්වාර 74ක්, අනිද්දාත් අපි බස් රථ 46ක් යොදන්න කටයුතු කරලා තියෙනවා සාමාන්‍ය කාලසටහන්වලට අමතරව මේ උත්සවය නිමිත්තෙන්... පහුගිය අවුරුදුවල දත්ත අපිළඟ තියෙනවා ඒ නිසා අපි දන්නවා මේ මගී රටාව කොහොමද කියලා. ඊට අමතරව නුවර දුම්රිය අඩාලවීමත් එක්ක මේ සියල්ල අධ්‍යනය කරලා තමයි අපි අමතර ගමන්වාර සැලසුම් කරලා තියෙන්නේ."














































