
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.
“මේ පනත කලින් තිබුණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවෙන් ගේන එකක් නේ. මේ පනත ආණ්ඩුව සමාජයට ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒක අධ්‍යයනය කරමින් තමයි සිටින්නේ. අපේ නීතිඥයන් මාර්ගයෙන් මේ පනතේ අඩුපාඩු තියෙනවා ද කියලා බලනවා. ඒ නිසා මේ ගැන මම අදහසක් කියන්න වැඩිය කැමැති නැහැ. අධ්‍යයනය ඉවර කරනකම්.”














































