
වැඩතහනම් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කථානායවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකාබැලීම මේ මස 17වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (6) නියම කළේය.
අදාළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සාම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සිය දේශන ඉදිරිපත් කිරිම අවසන් කළේය.
ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා නොවැම්බර් 17 දක්වා කල් තැබුණි.














































