
අද (05) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
2026 අංක 8 පරිපූරක ඇස්තමේන්තුව අද දිනයේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය.
ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනිකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් රුපියල් මිලියන හාරදහස් දෙසිය හැට එකක් ( රු. 4,261,000,000.00) ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.
වෙනස්වන මෙහෙයුම් පරිසරය, බෙංගාල බොක්ක සහ ඒ අවට ඇති ආපදාවන්ට ගොදුරු විය හැකි නිරන්තර අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් පැන නගින ආසන්න තර්ජන පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා මෙම මුදල් යෙදවීමට නියමිතව තිබේ.
මීට අමතරව පෙර තීරණය කළ පරිදිම අද දිනයේ භාර (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමටද නියමිතය.
සජීවී විකාශය පහතින් නරඹන්න..



















































