
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් වයස අවුරුදු 60 සම්පූර්ණ කරන ලද ගොවීන් 170,950 දෙනෙකු වෙත තැපැල් කාර්යාල 3,975ක් හරහා මාසිකව රුපියල් මිලියන 415කට අධික මුදලක් විශ්‍රාම වැටුප් ලෙස ගෙවීමට පියවර ගෙන තිබේ.
නව රජය පත්වීමෙන් පසුව ලබා දුන් උපදෙස් මත, 2024 වර්ෂයට පෙර එක්රැස්ව තිබූ විශාල ගොවි විශ්‍රාම වැටුප් අයදුම්පත් ප්‍රමාණයක කටයුතු සකස් කර අවසන් කර ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඒ අනුව, ලැබී ඇති අඩුපාඩු රහිත අයදුම්පත් සඳහා මසක් ඇතුළත විශ්‍රාම වැටුප් ගෙවීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.
තවද, නිසියාකාරව වාරික ගෙවා නොමැති සහ 25%කට වඩා වාරික ගෙවා ඇති දායකයන් සඳහා ශුද්ධ වාරික සැකසීමේ කටයුතු ද ආරම්භ කර තිබේ.
එමෙන්ම 2014 ජනවාරි 01 දින සිට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ ගොවීන්ගේ තාවකාලිකව අත්හිටුවා තිබූ හිඟ විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රියාවලිය ද වර්තමාන රජය විසින් ආරම්භ කර ඇත.
මහා භාණ්ඩාගාරය මගින් වෙන් කරන ලද ප්‍රතිපාදනවලට අනුකූලව මෙම හිඟ වාරික ගෙවීම් සිදු කරන බව සඳහන් වෙයි.



















































