
මීගොඩ ඕවිටිගම ප්රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමට රැගෙන යන අතරතුර දි මියගොස් ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 50ක පමණ වයසැති ඕවිටිගම, මීගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා කුඩා වෙෙළදසැලක් පවත්වාගෙන යන අයෙකු වන අතර සැකකරු පැරණි ආරඅවුලක් මත එම වෙළෙඳසැල ඉදිරිපිටින් කිහිපවරක් උස් හඩින් බැණවදිමින් ගොස් ඇති අතර එම අවස්ථාවේ දී මෙලෙස බහින්බස්වීම සිදුවී ඇති බවත් පොලීසිය පවසයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කළ බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.



















































