header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මෙරට තුළ පෙනහලු පිළිකා රෝගීන් ගණන ඉහළට
මෙරට තුළ පෙනහලු පිළිකා රෝගීන් ගණන ඉහළට
Mobitel 1278

මෙරට තුළ පෙනහලු පිළිකා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

ජාතික ශ්වසන විද්‍යායතනයේ උරහිස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පෙන්වා දෙන්නේ 2010 වසරේ සිට මේ දක්වා සියයට 50කින් පමණ පෙනහලු පිළිකා රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා මේ බව සඳහන් කළේය.

"පහුගිය කාලේදි අපි ලංකාවේ දත්ත පරිශීලනය කළා.වැලිසර ළය රෝහල ආශ්‍රිතව අපගේ දත්ත පරිශීලනය කළාම, අපි දකිනවා ලංකාවේ පෙනහළු පිළිකාවල වර්ධනයක් තියෙනවා.ඇත්තටම මෙහිදී අපි කළේ වැලිසර අපේ ළය රෝහලේ තිබෙන්නා වූ පෙනහළු පිළිකා පිළිබඳ දත්ත සහ ජාතික පිළිකා සම්බන්ධ මර්ධන ව්‍යාපාරයේ තිබෙන්නා වූ දත්ත අපි පරිශීලනය කළා 2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාල සීමාව තුළ.එහිදී අපිට පෙනී ගිය එක දෙයක් තමයි ලංකාවේ පිරිමි පුද්ගලයන් සහ කාන්තා පුද්ගලයන් යන දෙපාර්ශවයේම පෙනහළු පිළිකාවල වර්ධන තත්ත්වය ඉතාමත් වැඩියි කියන එක.2010 සිට 2020 කාල සීමාව තුළදී ලංකාවේ පෙනහළු පිළිකාව කියන එක කාන්තා පාර්ශ්වය සහ පිරිමි පාර්ශ්වය දෙපාර්ශ්වයේම 50%ක වගේ වර්ධනයක් පෙන්නුම් කරනවා.මේ නිසාම පිරිමි පුද්ගලයන්ගේ ප්‍රධාන ගණයේ පිළිකාවක් බවට පත්වෙමින් පවතිනවා සහ කාන්තාවන්ගේ පළවෙනි පිළිකා 10 අතරට පැමිණෙමින් පවතිනවා පෙනහළු පිළිකාව කියන එක.ලංකාව තුළත් අපි දකිනවා දුම් නොබන පුද්ගලයන්, විශේෂයෙන්ම දුම් නොබන කාන්තාවන්ගේ පෙනහළු පිළිකාවල වර්ධනයක්."

එම මාධ්‍ය හමුවට එක්වු ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය ද පෙනහලු පිළිකා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළේය.

"පෙනහළු පිළිකාවලින් 90ක් පමණ මේ දුම්පානය හා සම්බන්ධ වෙනවා.දුම්බීම සිදුකරන්නේ නැති අයටත් පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානමක් තියෙනවා.මොකද ද්විතීක දුම්පානය කියන්නේ පෙනහළු පිළිකා ඇති වීමට අවදානම් සාධකයක් නිසා.බාහිර පරිසරයේ සිදුවන වායු දූෂණයත්, ගෘහස්ථ වායු දූෂණයත් කියන මේ දෙකම බලපාරනවා.බාහිර පරිසරයේ වායු දූෂණය ගොඩක් වෙලාවට වාහන හා කර්මාන්තශාලා ආශ්‍රිතව සිදුවන ඉන්ධන දහන දුම් ආශ්‍රිතව තමයි මේක සිද්ධ වෙන්නේ.ගෘහස්ථ පරිසරයේ ගැටලුව වෙන්නේ දර හෝ භූමිතෙල් ආශ්‍රිතව සිදුකරන දහනය එක්ක ලිප් භාවිතයේදී.මෙතැනදී නිවසේ හොඳ වාතාශ්‍රයක් නැතිවීම තමයි ගැටලුව වෙන්නේ.මොකද අර දුම ඒක ඇතුළේ සිරවීම සිද්ධ වෙන නිසා.මේ හැරුණුකොට දිගුකාලීනව තියෙන ඇතැම් ශ්වසන රෝගී තත්ත්වයන්, පසේ හා ගොඩනැගිලි ද්‍රව්‍ය ආශ්‍රිතව තියෙන රේඩෝන් කියන විකිරණශීලී වායුව, ඒ වගේම තමයි ඇස්බැස්ටෝස්, සිලිකා වැනි මානව පිළිකාකාරක වලට නිරාවරණය වීමත් එක්ක පෙනහළු පිළිකා ඇති වීමේ අවදානම වැඩි වෙනවා."

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය හෙට සුළි කුණාටුවක්...

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

දිවුලපිටියේ පැත්තක් කළු කරමින් පැය 8කටත් වඩා ගිනිගත් 'ෆ්‍රැක්ට්‍රිය'

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

අයවැයේ බෙදීම් දැක්ක විපක්ෂ නියෝජිතයෝ..

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

කෝපි හදන, කෑම බෙදන, මේස පිහින රොබෝ වේටර්වරු ! - චීනයේ APEC මාධ්‍ය මධ්‍යස්ථානයේ පෙරළියක් | Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ජනාධිපතිතුමනි, අපි කාටද මේ ගැන කියන්නේ ? -පවුල් රැසකට දුක් දුන් ජ’පුර රෝහලෙන් ආ මහා ජලකඳ| Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලෙඩ ගොඩක් එක්ක රට වටේ දුවන සුවසැරිය කෝප් හමුවට - ''2018න් පස්සේ වැටුප් වැඩිවෙලා නැහැ'' | Ada Derana

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් සහ වෘත්තිකයින් ඩිජිටල් වේදිකාවකට ගෙනඑමින් GLEC එළිදකී

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

''අයවැය යෝජනා හරියට කළොත්, 2027 අග රට බංකොලොත්...මාලිමාවට වැඩ බැරි නිසා බයක් නෑ'' | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

'පානදුරා වාද ලෝක මතක උරුම ප්‍රදර්ශන මැදිරිය' විවෘත කෙරේ | Ada Derana

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

කඩුවෙල අයාලේ යන හරක් රඹෑවට...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

මහ වැසි මැද පිරුණු කලා වැව වාන් දමන අපූරුව...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

අනුර කුමාරගේ ආර්ථික පරිවර්තනය...

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

ඇත්තු ගැන සජිත්ට ආ කැක්කුම - ''වඳවී යන ඇත් පරපුර වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරන්න'' | Ada Derana

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

''අන්න කරනවා නම් වැඩ, සුද්දෝ වහපු දොරවල් ටික අරින්න'' - ''ඔබතුමාගේ මුදල් මට එපා...අනුමැතිය දෙන්න''

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

ලාෆ්ස් ගෑස් වැඩිවීමට හේතුව මෙන්න ''හරි නම් මීට වඩා වැඩි කරන්න ඕනේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

නිලධාරීන් මරණයෙන් බේරගන්න පොලිසියට ජිම්

 ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

ඉතිහාසයේ විශාලම වාහන තොගය වනජීවී සංරක්ෂණයට

 ණය පොලී බර අඩුවෙයි

ණය පොලී බර අඩුවෙයි

 සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

සංචාරක සංවර්ධන බද්ද අහෝසිය ලෙඩක්

 ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

ජාතික ආදායමෙන් සියයට 56ක් සියයට විස්සක් අතේ

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?