
දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබේ.
විශේෂ නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (04) දිනයේ නාවික හමුදාව සිය භාරයට ගනු ලැබීය.
අදාළ බහුදින ධීවර යාත්‍රාව තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ඇති බවට සැකකෙරෙන බව නාවික හමුදාව සඳහන් කළේය.
එහි මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර 10ක් පමණ පවතින බව සඳහන්ය.
අදාළ බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා දික්ඕවිට වරාය වෙත අද (05) උදෑසන රැගෙන විත් තිබුණි.




















































