
අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින් මිචිගන් ප්‍රාන්තය ජයග්‍රහණය කළ අබ්දුල් එල්-සයීඩ්, එරට සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු මුස්ලිම් ජාතිකයා බවට පත්විය.
හිටපු සෞඛ්‍ය නිලධාරියෙකු වන 42 හැවිරිදි අබ්දුල් එල්-සයීඩ්, සිය මැතිවරණ ප්‍රචාරණයේදී වැඩකරන ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සහ දේශපාලනයට මහා පරිමාණ සමාගම්වලින් එල්ලවන බලපෑම අවම කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේය.
රජයේ අරමුදල් මගින් ක්‍රියාත්මක 'සැමට පොදු -සැමට සෞඛ්‍ය සේවය' වැඩසටහන ඔහුගේ ප්‍රතිපත්ති මාලාවේ ප්‍රධාන තැනක් ගත්තේය.
සෙනෙට් සභාවේ බලය අත්කර ගැනීමට ඩිමොක්රටික් පක්ෂය ගෙනගිය තීරණාත්මක සටනේදී සයීඩ් ලැබූ මෙම ජයග්‍රහණය ඔවුන්ට ප්‍රබල පිටුවහලක් විය.



















































