
පවතින වර්ෂාපතනය සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට තත්ත්පරයට ඝන අඩි දෙදහස් අටසීයයක ජල ප්රමාණයක් දැදුරුඔය වෙත නිකුත් කරමින් පවතින බවය.
ඒ හේතුවෙන් දැදුරු ඔය ජලාශයෙහි පහළ ප්රදේශයේ ගඟ දෙපස පදිංචි ජනතාව ජල මට්ටම් වෙනස්වීම පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.


















































