
සීයා සමඟ තණකොළ කැපීම සඳහා ගිය 10 හැවිරිදි පාසල් සිසුවෙකු කෙසෙල්ගමුඔයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බගවන්තලාව, ලින්පොඩ් වත්ත ප්රදේශයේ පදිංචිව සිටි පස්වැනි ශ්රේණියේ අධ්යාපනය ලබමින් සිටි පෙනිස් තිබන් නමැති සිසුවෙකි.
ඊයේ (31) දහවල් කාලයේදී අදාළ සිසුවා සීයා සමඟ කෙසෙල්ගමුඔය ආසන්නයට තණකොළ කැපීම සඳහා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
කෙසේ වෙතත්, තමන් සමඟ පැමිණි මුණුබුරා පෙනෙන්නට නොසිටීම හේතුවෙන් සීයා විසින් සොයා බලා ඇති අතර ඔහුව සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඒ පිළිබඳව අසල්වාසීන්ට දැනුම් දී ඇත.
ඒ අනුව අසල්වාසීන්ගේ ද සහාය ඇතිව කෙසෙල්ගමුඔයේ සිදුකළ සෝදිසි කිරීමකදී සිසුවාගේ සිරුර සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.
මියගිය සිසුවාගේ සිරුර මේ වන විට බගවන්තලාව ප්රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට සිරුර දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්යවරයා වෙත යොමු කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































