
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හෙට (02) ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ආරම්භ කරන බව ශ්රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්රධානී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පවසයි.
සතියේ දින පහේම මෙම ගමින් ගමට රැස්වීම් දිවයින පුරා පවත්වන බවද ජොන්ස්ටන් ප්රනාන්දු මහතා සඳහන් කළේය.
ඔහු මේ බව ප්රකාශ කලේ කොළඹ දිස්ත්රික්කයේ ආසන සංවිධායකවරුන් අතර පැවති රැස්වීමකදීය.
ආණ්ඩුව විසින් ජනතාවට ලබාදුන් බොරු පොරොන්දු පිළිබඳව මෙන්ම මෙම ආණ්ඩුව විසින් සිදු කරන ලද වංචා හා දූෂණ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පැවසීය.
විශේෂයෙන්ම කන්ටේනර් 323 පැන්නීම, ගල් අඟුරු වංචාව, මහ බැංකුවට හැකරුන් පැනීම, වැරදි ගිණුම්වලට මුදල් යැවීම වැනි වංචාවන් පිළිබඳව ජනතාවට නැවත නැවතත් මතක් කරන ලෙස උපදෙස් දුන්නේය.
එමෙන්ම මැතිවරණ වේදිකාවල ලබාදුන් පොරොන්දු විශේෂයෙන්ම සෞඛ්ය, අත්යවශ්ය භාණ්ඩ හා පාසැල් උපකරණවල බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම පිළිබඳව හා තවත් බොරු පොරොන්දු රාශිය දී ඇති බවත් මේවා පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙසත් ජොන්ස්ටන් ප්රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

















































