
"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ වසරක කාලයක් තුළ සිදුකළ වැටලීම්වලදී ළමුන් 12,000කට ආසන්න සංඛ්යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 වසරේ ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලදී ළමුන් 11,970 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එහිදී පිරිමි ළමුන් 11,737 දෙනෙකු සහ ගැහැණු ළමුන් 233 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර "රටම එකට" ජාතික මෙහෙයුම දිවයින පුරා අඛණ්ඩව ක්රියාත්මක කෙරෙන අතර සංවිධානාත්මක අපරාධ ජාලයට එරෙහිව දැවැන්ත වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසයි.
"මෙහි ප්රතිඵලයක් ලෙස රට තුළ මත්ද්රව්ය සැපයුම අඩාල කිරීම සඳහා සුවිශේෂී ක්රියාමාර්ග ගනු ලැබුවා. මෙහිදී ශ්රී ලංකා පොලීසිය, මත්ද්රව්ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව ඇතුළු ත්රිවිධ හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නා. එහි ප්රතිඵලයක් ලෙස ජනතාව අතර බෙදා හැරීමට තිබූ මත්ද්රව්ය ටොන් ගණනක් අත්අඩංගුවට ගනු ලැබුවා. යම් හෙයකින් ඒ මත්ද්රව්ය ප්රමාණයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූවා නම්, මේ සෑම මත්ද්රව්යයක්ම ග්රෑම් බවට පත්වෙලා ළමයින් අතර බෙදා හැරීමට මත්ද්රව්ය ජාවාරම්කරුවන් සහ ඩීලර්වරුන් කටයුතු කරනවා. මත්ද්රව්ය ජාවාරම එක්ක පාතාලය සම්බන්ධ වෙලා තියෙනවා. මේ සංවිධානාත්මක අපරාධකරුවන් තමා මේකේ ප්රමුඛතාවය අටන් තියෙන්නේ. ඔවුන්ට එරෙහිව දැවැන්ත මෙහෙයුමකුත් මෙයට සමගාමීව ක්රියාත්මක වෙනවා."



















































