
ඊශ්රායල මහ මැතිවරණයෙන් පසු එරට විපක්ෂයට අරාබි පක්ෂ සමග සන්ධානගත වී නව රජයක් පිහිටුවන ලෙස ඉල්ලා සිටිමින් ටෙල් අවිව් නුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්වී තිබේ.
වත්මන් අග්රාමාත්ය බෙන්ජමින් නෙතෙන්යාහු ධුරයෙන් ඉවත්කිරීමේ අපේක්ෂාවෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව සඳහන්.
මෙම විරෝධතාව සඳහා දහස් සංඛ්යාත පිරිසක් ටෙල් අවීව් නුවරට රැස්වී ඇති බව වාර්තා වේ.
විරෝධතාකරුවන් පවසන්නේ, නෙතෙන්යාහුගේ පාලනය අවසන්කිරීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය හැකි බවය.
ඊශ්රායලයේ වැඩිම කාලයක් අගමැති ධුරය දැරූ අගමැතිවරයා වන නෙතෙන්යාහු, ජනතාව නොමඟ යවන දේශපාලනඥයෙකු බවට මෙහිදී විරෝධතාකරුවන් චෝදනා කර ඇත.
ඊශ්රායල විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් මීට පෙර එරට අරාබි පක්ෂ සමග සන්ධානගත වීම ප්රතික්ෂේප කර තිබුණි.
කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා පැවති මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයකට බහුතර බලයක් හිමි නොවීම හේතුවෙන්, අරාබි පක්ෂවල සහාය ලබාගෙන ඔහුට නව රජයක් පිහිටුවීමට මෙය අවස්ථාවක් බවට මත පළවී ඇත.
මැතිවරණ ප්රතිඵල අනුව නෙතෙන්යාහුගේ සංධානයට ආසන 53ක් සහ අයිසන්කොට්ගේ සංධානයට ආසන 48ක් හිමිවිය.
ඊශ්රායල පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්යාව 120ක් වන අතර, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවම වශයෙන් ආසන 61ක සහාය අවශ්යය.



















































