
නාරහේන්පිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තුවේ මාර්ගගත හමුවීම් ලබා ගැනීමේ පහසුකම එළැඹෙන සඳුදා (02) සිට නැවත ආරම්භ වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ලියාපදිංචි කිරීම, හිමිකාරිත්වය පැවරීම, තාක්ෂණික ගැටළු ආදිය ඇතුළු සේවාවන් සඳහා මෙම මාර්ගගත හමුවීමේ පහසුකම ඒ අනුව නැවත ආරම්භ වනු ඇත.
එම මාර්ගගත හමුවීම් සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.



















































