
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (31) ප.ව. 04.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (01) දිනය දක්වා වලංගු වේ.
ඒ අනුව, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, මන්නාරම සහ වවුනියාව දිස්ත්රික්කවලත් ඇතැම් ප්රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බවට අනතුරු අඟවා තිබේ.



















































