
වැසි අධික කාලගුණයත් සමග තවදුරටත් ප්රධාන ජලාශ 12ක් සහ මධ්යම පරිමාණයේ ජලාශ 09ක් වාන් දමන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ප්රධාන ජලාශ 05ක් වාන් දොරටු විවෘත කර ඇති බව සඳහන්ය.
තව ද මධ්යම පරිමාණයේ ජලාශ දෙකක වාන් දොරටු විවෘත කර ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 74ක සියයට 45.2ක ජල ධාරිතාවක් පවතී.



















































