
පාකිස්තානයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව හා පාකිස්තානය අතර අද (31) පැවැත්වෙන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන නායක ෂහීන් අෆ්රිඩි සමත්විය.
ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
තරගය ලාහෝර්හි ගඩාෆි ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලියේ දී කුසල් මෙන්ඩිස් කාසියේ වාසිය පරාජය වූ පළමු අවස්ථාව මෙය වීමද සුවිශේෂීය.
අද තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇත. පෙර තරගවලට ක්රීඩාකළ එශාන් මාලිංග වෙනුවට මහීෂ් තීක්ෂණ කැඳවා තිබේ.
එමෙන්ම පාකිස්තාන කණ්ඩායමද ෂදාබ් ඛාන් විවේකගන්වා, ඒ වෙනුවට ෆහීම් අෂ්රාෆ් කැඳවා ඇත.




















































