
ඔක්තෝබර් මාසයේ ගතවූ දින 25 තුළ විදේශීය සංචාරකයින් 136,093 දෙනෙකු ශ්රී ලංකාවට පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්යාව 51,424ක් වන අතර, එය සමස්ත සංචාරක පැමිණීම්වලින් සියයට 38කි.
එමෙන්ම, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,117 දෙනෙකු සහ චීනයෙන් සංචාරකයින් 9,411 දෙනෙකු ද ඔක්තෝබර් 01 වැනිදා සිට 25 වැනිදා දක්වා කාලය තුළ ශ්රී ලංකාවට පැමිණ තිබේ.
මේ අතර, 2026 ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 25 වැනිදා දක්වා ශ්රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදේශීය සංචාරකයින් සංඛ්යාව 1,829,772ක් ලෙස වාර්තා වේ.
එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 488,838 දෙනෙකු සහ එක්සත් රාජධානියෙන් සංචාරකයින් 170,844 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ද ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.



















































