
මැදවච්චිය, වේවැල්කෙටිය ප්රදේශයේ දින කිහිපයක් පුරා බිම වැටී සිටියදී හය හැවිදිරි අලි පැටවා පැටවා මේ වනවිට සුවය ලබා තිබේ.
පරිසර අමාත්යාංශය නිවේදනය කළේ, එම පැටවා මේ වනවිට වනජීවී දෙපාර්තමේන්තුවේ පණ්ඩුලගම පශු වෛද්ය ඒකකය මගින් ප්රතිකාර කිරීමෙන් අනතුරුව උඩවලව ඇත් අතුරු සෙවණෙහි සිටින බවය.
මෙම අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත පසුගිය 22 වන දින රැගෙන එනු ලැබුවේ විශේෂ ආධාරක යොදා ගනිමින් සිදු කළ ප්රතිකාරවලින් අනතුරුවය.
මැදවච්චිය, වේවැල්කැටිය ප්රදේශයේ වාසය කල අවුරුදු 06ක පමණ මෙම පිරිමි අලි පැටවා ස්නායු ආබාධයකට ලක්ව දින කිහිපයක් එම ප්රදේශයේ වැතිර සිටියදී පණ්ඩුලගම පශු වෛද්ය ඒකකය මගින් ප්රතිකාර කටයුතු ආරම්භ කරන ලදී.
ඒ අනුව අලි පැටවා ක්රමයෙන් සුව අතට පත්වෙමින් සිටින අතර මේ වන විට හොඳින් ආහාර හා ජලය ලබාගන්නා බවයි ප්රතිකාර සිදු කරන වනජීවී පශු වෛද්යවරුන් ප්රකාශ කරයි.
ඇත් අතුරු සෙවණේ අලි පැටවුන් රඳවන ස්ථානයක් තුළ පැටවා රඳවා සිටින අතර රේඩියෝ සංඥා කරපටියක් පැළඳවීමෙන් පසු අලි පැටියා එමගින් නිරීක්ෂණය කරනු ඇති.
මේ වන විට අලි පැටවාගේ ආධාරක ඉවත් කර තිබෙන අතර අඛණ්ඩව අවශ්ය ප්රතිකාර කටයුතු වෛද්යවරුන්ගේ නිරීක්ෂණය යටතේ සිදු වෙයි.



















































