
දීර්ඝ කාලයක් මෙරට භාවිත කෙරුණු ජාතික හැඳුනුම්පත වෙනුවට 2017 වර්ෂයේ සිට ප්ලාස්ටික් හැඳුනුම්පතක් හඳුන්වා දෙනු ලැබීය.
ජාතික හැඳුනුම්පත් අංකය ඉලක්කම් 12කින් යුක්තවූ එම ප්ලාස්ටික් හැඳුනුම්පත හඳුන්වා දීමේ ප්රධානතම අරමුණක් වූයේ නිෂ්පාදන පිරිවැය අවම කිරීමයි.
කෙසේවෙතත් එම ප්ලාස්ටික් කාඩ්පත්වල හිඟය හේතුවෙන් ජාතික හැඳුනුම්පත් මුද්රණය මේ වන විට අඩාළ වී තිබේ.
එහි ප්රතිඵලයක් ලෙස ජාතික හැඳුනුම්පත් ලක්ෂ 10 ක් නිකුත් කිරීමට නොහැකි වාතාවරණයක් මතුව ඇති බව වාර්තා වෙයි.
මේ අතර, මුද්රණ කාඩ්පත් සහ මුද්රණ යන්ත්ර හිඟය ඇතුළු කරුණු හේතුවෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේද ලක්ෂ හයහමාරකට අධික රියැදුරු බලපත්ර සංඛ්යාවක් මුද්රණය කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
එම පසුබිම හමුවේ රියැදුරු බලපත්ර ඉල්ලුම්කරුවන් බොහෝ පිරිසකට මේ වනවිට නිකුත් කෙරෙන්නේ තාවකාලික බලපත්රයකි.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් විශ්රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්රනාන්දු ප්රකාශ කළේ නොවැම්බර් මස මැද වනවිට මුද්රණ යන්ත්ර කිහිපයක් ලැබීමෙන් පසුව රියැදුරු බලපත්ර මුද්රණ ධාරිතාව දෙගුණයකින් ඉහළ නැංවීමට හැකිවනු ඇති බවය.
ඒ අනුව ලබන වසරේ අප්රේල් මාසය පමණ වනවිට රියැදුරු බලපත්ර නිකුත් කිරීම සාමාන්ය පරිදි කිරීමට හැකිවනු ඇති බවද මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.



















































