
දිවයිනේ දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීම් නිවේදනය අද (29) පස්වරු 16:00 සිට හෙට (29) පස්වරු 16:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
රත්නපුර දිස්ත්රික්කය: කුරුවිට, අයගම, රත්නපුර, පැල්මඩුල්ල, ඇලපාත සහ ඕපනායක
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
ගාල්ල දිස්ත්රික්කය: තවලම, කරන්දෙණිය, නියාගම, නෙලුව සහ ඇල්පිටිය
නුවරඑළිය දිස්ත්රික්කය: නෝර්වුඩ්, අඹගමුව කෝරලේ
කලුතර දිස්ත්රික්කය: දොඩන්ගොඩ, බුලත්සිංහල
රත්නපුර දිස්ත්රික්කය: කලවාන, නිවිතිගල, කිරිඇල්ල, ගොඩකවෙල, ඇහැලියගොඩ සහ බලංගොඩ
මහනුවර දිස්ත්රික්කය: උඩුනුවර, යටිනුවර
කෑගල්ල දිස්ත්රික්කය: අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල



















































