
කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හය කෝටි හැත්තෑ හත් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද(29) දහවල් වත්තල, කෙරවලපිටිය වෙස්ටර්න් පවර් විදුලි ජනන බලාගාරයේ දී විනාශ කර තිබේ.
විසි අට ලක්ෂයක් වන මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය, ඉකුත් අප්රේල් පළමුවනදා සිට ජූලි මස 31 දින දක්වා, විවිධ රටවල සිට අසත්ය ප්රකාශ සිදු කරමින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබුණි.
මෙසේ විනාශ කළ දුම්වැටි තොගය මෙරට වෙෙළදපොළෙහි අලෙවි කළා නම් එයින් රුපියල් හාර කෝටි තිස් නව ලක්ෂයක බදු ආදායමක් රටට අහිමිවී යාමට ඉඩ තිබූ බව රේගු මාධ්ය ප්රකාශක රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.
මෙම දුම්වැටි තොගය කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් භාරයට ගෙන,රේගු පරීක්ෂණ නිමාකර ගුවන්තොටුපොළ ගුදම් ගබඩා තුළ රදවා තබා තිබූ ඒවා බව සඳහන් වෙයි.



















































