
සුපිරි බ්රසීල පාපන්දු ක්රීඩක නේමාර්ට පාපන්දු තරග තහනමක් පැනවීමට එරට ක්රීඩාවේ යුක්තිය සදහා වන උපරිමාධිකරණය කටයුතු කර තිබේ.
ඒ අනුව නේමාර්ට එරට සැන්ටොස් ක්රීඩා සමාජ පාපන්දු තරග දෙකක තහනමක් පනවා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
බ්රසීල සුපර් ලීග් පාපන්දු තරගයක් අතරතුර ඇති වූ ගැටුමකදී නේමාර් විනය විරෝධී අයුරින් ක්රියා කර ඇති බවට බ්රසීල ක්රීඩාවේ යුක්තිය සදහා වන උපරිමාධිකරණය තීන්දු කර තිබුණි.
අදාළ තරගාවලියේ මින් පෙර සිදු කළ විනය විරෝධී ක්රියාවක් හේතුවෙන් නේමාර්ට එක් තරගයක තහනමක් මින් පෙර පැනවීමට ද එරට පාපන්දු සම්මේලනය කටයුතු කර ඇති බව සඳහන්
ඒ අනුව බ්රසීල සුපර් ලීග් පාපන්දු තරගාවලියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග 3ක් නේමාර්ට තහනම් වනු ඇත.



















































