
සිරදඬුවම් නියම වී සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට සර්වජන බලයේ සභාපති රොෂාන් රණසිංහ මහතා ජනපතිගෙන් ඉල්ලා සිටියි.
ඊයේ(26) පැවති 'අද දෙරණ 360' වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා පැවසූයේ ජනාධිපතිවරයා පෙර විපක්ෂයේ මන්ත්රීවරයෙක් සිටි කාලයේ තමාගෙන් කළ ඉල්ලීමක් කිසි දිනක ඉවත නොදමා ඇති බවයි.
"මෙතනදි මගේ ඉල්ලීම තියෙන්නේ වත්මන් ජනාධිපතිතුමාගෙන්.මොකද හේතුව මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා කියන්නෙත් ජනවරමෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක්. ඒ ජනවරමට අනුව මහානායක හාමුදුරුවන් වහන්සේලාගේ ඉල්ලීමත් අනුව, එතුමාගේ ප්රකාශයට අනුව එතුමා නිදහස ලබා දෙන්නේ... මගෙත් ඉල්ලීම තියෙන්නේ ජනාධිපතිතුමාගෙන් සර්වජන බලය පක්ෂය විදියටත්, මම විදියටත් නිදහස ලබාදීම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා ඥානසාර හාමුදුරුවන්ට"



















































