
එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (27) අලුත්කඩේ මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
අදාළ නඩුව පසුගිය 13 වැනිදා කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් එම නියෝගය නිකුත් කර තිබිණි.
ඒ අනුව, අදාළ නඩුව අද (27) යළි කැඳවනු ලැබීය.




















































