
අක්කරපත්තුව, ආලම්කුලම් ප්රදේශයේ දී විදුලිසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ විදුලිසැර වැදී බරපතළ තත්ත්වයේ පසුවූ අදාළ පුද්ගලයා අක්කරපත්තුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ 48 හැවිරිදි අක්කරපත්තුව, අට්ටාලචේන ප්රදේශයේ පදිංචිව සිටි අයෙකි.
අදාළ පුද්ගලයා විසින් පොල් වත්තකට ඇද තිබූ විදුලි රැහැනක් අළුත්වැඩියා කිරීමටයාමේදී මෙලෙස විදුලිසැර වැදී ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් අක්කරපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



















































