
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඊයේ (26) ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු තුනක් ඊයේ පස්වරුවේ සිට විවෘත කර ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසීය.
එම ජල පෝෂක ප්රදේශවලට තව දුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.



















































