header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ගත වූ මාස 9ට සමස්ත අපනයන ආදායම අ.ඩො. බිලියන 13.6 ඉක්මවයි
ගත වූ මාස 9ට සමස්ත අපනයන  ආදායම අ.ඩො. බිලියන 13.6 ඉක්මවයි
Mobitel 1278

මෙම වසරේ මුල් මාස නවය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 13,612ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව, ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10,761ක ආදායමක් ද, සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,850ක ආදායමක් ද උපයාගෙන තිබේ.

එමෙන්ම, ඉතිහාසයේ පළමු වරට 2026 සැප්තැම්බර් මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,691ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සභාපතිවරයා පැවසීය.

එය 2025 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 17.2ක වර්ධනයක් බව ද මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සැප්තැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,385ක ආදායමක් වාර්තා වී ඇති අතර, එය පෙර වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 21.6ක වර්ධනයකි.

එමෙන්ම, සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 306ක ආදායමක් උපයා ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙරට අපනයනකරුවන්ට තවදුරටත් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු ඉහළ යෑම මෙන්ම කලාපීය රටවල අපනයන කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් ද ඊට බලපා ඇති බව සභාපතිවරයා පැවසීය.

එම අභියෝග මධ්‍යයේ වුවද මෙරට අපනයනකරුවන් අඛණ්ඩව දරන උත්සාහය සහ රටේ අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා ඔවුන් ලබාදෙන දායකත්වය සභාපතිවරයාගේ ඇගයීමට ලක්විය.

සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ඉහළ අපනයන ආදායම ධනාත්මක ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකි බව සඳහන් කළ මංගල විජේසිංහ මහතා, ඉදිරි මාසවලදී ද මෙම වර්ධනය පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ද පැවසීය.

ඒ අනුව, 2026 වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 18 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මංගල විජේසිංහ මහතා දැක්වූ අදහස්,

“ඉතිහාසයේ පළමු වතාවට සැප්තැම්බර් මාසයේදී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,691ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසය සමඟ සසඳන විට එය සියයට 17.2ක කැපීපෙනෙන වර්ධනයක්. එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,385ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 21.6ක වර්ධනයක්. ඒ වගේම, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 306ක් ලෙස වාර්තා වෙනවා. පසුගිය මාස නවයක කාලය තුළ, විශේෂයෙන්ම ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ, ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන කාර්යසාධනය අමෙරිකානු ඩොලර් මිලියන 13,612ක මට්ටමකට ළඟා වී තිබෙනවා. එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,761ක් ලෙසත්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,850ක් ලෙසත් වාර්තා වෙනවා.

විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදයේ බලපෑම තවමත් අපේ අපනයනකරුවන්ට දැනෙනවා. එම අර්බුදය හේතුවෙන් ප්‍රවාහන හා රක්ෂණ ගාස්තු ඉහළ යෑමත්, කලාපයේ රටවල අපනයන කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයත් නිසා අපේ අපනයනකරුවන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. එම අර්බුද මධ්‍යයේ වුවද අපේ අපනයනකරුවන් අඛණ්ඩව දරන උත්සාහය අගය කළ යුතුයි. රටේ අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා ඔවුන් ඉතා ඉහළ දායකත්වයක් ලබාදෙමින් සිටිනවා. සමස්තයක් වශයෙන් ගත් විට, සැප්තැම්බර් මාසයේදී වාර්තා කළ මෙම ඉහළ අපනයන ආදායම ඉතා ධනාත්මක ප්‍රවණතාවක් ලෙස අපි සලකනවා. ඉදිරි මාස තුන හතරක කාලය තුළත් මෙම වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව, මේ වසරේදී ශ්‍රී ලංකාවට අත්කර ගත හැකි ඉහළම ඉලක්කය වන අමෙරිකානු ඩොලර් බිලියන 18 ඉක්මවූ අපනයන ආදායමක් ලබාගැනීමට අපි උත්සාහ කරමින් සිටිනවා.
 

MostRead
Mobitel 1278
VideoStories
ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..