
රුපියල් 51,000,000ක් පමණ වටිනා ‘කුෂ්’ මත්ද්රව්ය තොගයක් සමඟ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ හරිත මාවත ඔස්සේ එම මත්ද්රව්ය තොගය පිටකරගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු වන අතර, ඔහු එරට දුරකථන අලුත්වැඩියාකරුවෙකු ලෙස සේවය කරන බව සඳහන් වේ.
සැකකරු අද (26) අලුයම 1.15ට වියට්නාමයේ හෝ චි මිං නගරයේ සිට වියට්නාම් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
එහිදී ඔහු රැගෙන ආ ගමන් මල්ල පරිලෝකන යන්ත්ර මඟින් පරීක්ෂා කිරීමේදී, ඇඳුම් අතර පැකට් 07ක අසුරා සඟවා තිබූ ‘කුෂ්’ මත්ද්රව්ය තොගය සොයාගෙන ඇත.
එම මත්ද්රව්ය තොගයේ බර කිලෝග්රෑම් 5යි ග්රෑම් 100ක් බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්රව්ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාර දී තිබේ.



















































