
කෙන්යාවේ අධිවේගී මාර්ගයක සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 24දෙනෙකු මියගොස් තිබේ.
අනතුරින් තවත් පුද්ගලයින් 24දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
අවමංගල්ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සදහන්.
මෙම සිදුවීමෙන් පසු ජනාධිපති විලියන් රූටෝ ප්රකාශ කර ඇත්තේ සියලු පොදු ප්රවාහන සේවාවල යෝග්යතාවය පරීක්ෂා කිරීමට කටයුතු කරන ලෙසය.



















































