
2030 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ සත්කාරකත්වය රුසියාවට හිමිවී තිබේ.
2022 වසරේදී යුක්රේනය ආක්රමණය කිරීමෙන් අනතුරුව රුසියාව වෙත තහනමක් පැනවීමට ජාත්යන්තර ඔලිම්පික් සම්මේලනය පියවර ගෙන තිබූ අතර ඉන් අනතුරුව ජාත්යන්තර ඔලිම්පික් සම්මේලනය සංවිධානය කරන තරගාවලියක සත්කාරකත්වය රුසියාවට හිමි වූ පළමු අවස්ථාව මෙය වේ.
කෙසේවෙතත් පසුගිය ජූලි මාසයේදී රුසියානු ඔලිම්පික් සම්මේලනය වෙත පනවා තිබූ තහනම ද ඉවත් කරන බව ද ජාත්යන්තර ඔලිම්පික් සම්මේලනය නිවේදනය කර තිබුණි.
මීට අමතරව 2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේදී රුසියානු ධජය යටතේ එරට ක්රීඩක ක්රීඩිකාවන්ට තරග වැදීමට අවසර ලැබෙන බව ද ජාත්යන්තර ඔලිම්පික් සම්මේලනය නිවේදනය කර තිබේ.



















































