
පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අද (26) පෙ.ව 09:00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (27) පෙ.ව 09:00 දක්වා වලංගු වෙයි.
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න (ඇම්බර්)
කළුතර දිස්ත්රික්කයේ :- වලල්ලාවිට සහ බුලත්සිංහල
කෑගල්ල දිස්ත්රික්කයේ :- දෙහිඕවිට සහ ගලිගමුව
නුවරඑළිය දිස්ත්රික්කයේ :- අඹගමුව කෝරළය සහ නොර්වුඩ්
රත්නපුර දිස්ත්රික්කයේ :- රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, අයගම සහ නිවිතිගල
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න (කහ)
ගාල්ල දිස්ත්රික්කයේ :- තවලම
ගම්පහ දිස්ත්රික්කයේ :- අත්තනගල්ල
කළුතර දිස්ත්රික්කයේ :- මදුරාවල, බේරුවල, මිල්ලනිය සහ හොරණ
මහනුවර දිස්ත්රික්කයේ :- උඩදුම්බර, පස්බාගේ කෝරළය, උඩපළාත සහ උඩුනුවර
කෑගල්ල දිස්ත්රික්කයේ :- කෑගල්ල, මාවනැල්ල, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ යටියන්තොට
කුරුණෑගල දිස්ත්රික්කයේ :- නාරම්මල සහ කුරුණෑගල
රත්නපුර දිස්ත්රික්කයේ :- කිරිඇල්ල සහ ඕපනායක



















































