header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
එළවළු මිල ඉහළට – බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම සියයට 20කින් පහළට
එළවළු මිල ඉහළට – බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම සියයට 20කින් පහළට
Mobitel 1278

පවතින වර්ෂාපතනයත් සමඟ උඩරට සහ පහතරට එළවළු වර්ග කිහිපයක මිල ගණන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, පසුගිය සතියේ රුපියල් 350ත් 400ත් අතර මිලක පැවති තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 600ත් 650ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

ඊට අමතරව, රුපියල් 250ක මිලකට පැවති මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 400ත් 450ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති අතර, රුපියල් 150ක්ව පැවති ගෝවා කිලෝවක තොග මිල රුපියල් 350ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මැනිං වෙළෙඳපොළ පොදු වෙළෙඳ සමිතියේ හිටපු සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසුවේ උත්සව සමය ළං වීමත් සමඟ එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.

එහිදී අදහස් දැක්වූ අනිල් ඉන්ද්‍රජිත් මහතා,

“මේ දවස්වල එළවළු මිල වැඩිවීමක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි රටේ පවතින කාලගුණික තත්ත්වය. වැඩිම මිලක් තියෙන්නේ තක්කාලිවලටයි. තොග මිල රුපියල් 600ක් වගේ වෙනවා. ඒ වගේම බෝංචි රුපියල් 400ත් 500ත් අතර මිලක තියෙනවා. කැරට් රුපියල් 200ත් 250ත් අතර මිලක තියෙනවා. ලීක්ස් රුපියල් 200යි. අමුමිරිස් රුපියල් 350ත් 400ත් අතර මිලක තියෙනවා.පහතරට එළවළු මිලත් ඉහළ ගිහින් තියෙනවා. පතෝල කිලෝවක් මේ දවස්වල රුපියල් 400ක පමණ මිලකට අලෙවි වෙනවා. ඒ වගේම වැටකොළු රුපියල් 200ත් 250ත් අතර මිලක තියෙනවා. වට්ටක්කා මිලත් මේ දවස්වල ඉහළ ගිහින් තියෙනවා. කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා තිබෙනවා. කැකිරි සහ පිපිඤ්ඤා වැනි එළවළු පමණයි රුපියල් 100ට අඩු මිලකට තියෙන්නේ. සමස්තයක් වශයෙන් බැලුවහම පසුගිය මාසයට සාපේක්ෂව එළවළු මිල ඉහළ ගිහින් තියෙනවා. කොහොමත් දෙසැම්බර් මාසය වන විට සෑම වසරකම සාමාන්‍යයෙන් එළවළු මිල ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ නිසා ඉදිරියේදී මිල අඩු වීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. මිල තවදුරටත් ඉහළ යා හැකියි.”

මේ අතර, බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම සියයට 20කින් පමණ පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.

බිත්තරයක නිෂ්පාදන වියදම රුපියල් 30ත් 32ත් අතර පැවතියද, වර්තමානයේ ගොවිපොළවලින් බිත්තර නිකුත් කරනු ලබන්නේද එම මිල ගණන් යටතේම බැවින් නිෂ්පාදකයන්ට ලාභයක් උපයා ගැනීමට නොහැකි වී ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම උත්සව සමයේදී වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර සහ කුකුළු මස් කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බව අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, නොවැම්බර් 15 වැනිදායින් පසු උත්සව සමය ආරම්භ වීමත් සමඟ මෙම තත්ත්වය යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද එම සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අජිත් ගුණසේකර මහතා,

“අද වන විට පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වෙලා තියෙනවා. අපි වෙළෙඳපොළේ සමීක්ෂණයක් කරන විට බිත්තර සහ කුකුළු මස් මිලදී ගැනීම අඩු වී ඇති බව පෙනී යනවා. වෙළෙඳපොළේ පරිභෝජනය සියයට 20කින් පමණ අඩු වී ඇති බව අපට පෙනෙනවා. බිත්තරයක නිෂ්පාදන වියදම සාමාන්‍යයෙන් රුපියල් 30ත් 32ත් අතර වෙනවා. නමුත් අද ගොවිපොළවලින් බිත්තර නිකුත් කරන්නේත් රුපියල් 30ත් 32ත් අතර මිලකටයි. ඒ නිසා නිෂ්පාදකයන්ට ලාභදායී තත්ත්වයක් නැහැ. ඒ වගේම කුකුළු මස් මිලත් අඩු වෙලා තියෙනවා. පවතින ආර්ථික තත්ත්වයත් එක්ක කුකුළු මස් පරිභෝජනය අඩු වී ඇති බවයි අපට පෙනෙන්නේ. නමුත් නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යනවා. උත්සව සමයේදී වෙළෙඳපොළට අවශ්‍ය සැපයුම හිඟයකින් තොරව ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ නිසා නොවැම්බර් 15 වැනිදායින් පසු උත්සව සමය ආරම්භ වීමත් සමඟ තත්ත්වය නැවතත් සාමාන්‍ය අතට පත්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේ දැඩි සුළං මුහුදත් රළු වෙයි

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

යාපනයේ නිවසක මිදුලෙන් මතුවූ මත්පැන්

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

වාන් දොරටු ඇරුණු කුකුළේ ගඟ

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද  ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහොය අද - 'දෙරණාභිවන්දනා' ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේදී| Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

මහවැසි නොතකා අරමුණ වෙනුවෙන් අත්නොහරින සත්‍යග්‍රහය | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

අපරාධකරුවන්ට හිස ඔසවන්න නොදෙන පොලිසිය - ''ජනතාවයි, පොලිසියයි ගහට පොත්ත වගේ ඉන්න'' | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඔත්තුව ඵල දරයි - සුපිරි මෝටර් රථයෙන් අයිස් මතුවෙයි | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

ඥානසාර හිමි උදෙසා භික්ෂූන් වහන්සේ බණ්ඩාරගම සත්‍යක්‍රියාවක | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

අගමැතිනිය දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට - ''යුද්දේ කාලේ මේ සිවුරේ හයිය මිනිස්සුන්ට තිබුණේ'' | Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

දේශපාලන වේදිකාව කලඹන සත්‍යග්‍රහය - ආණ්ඩුවට පක්ෂ රැලි ගැනත් කියයි - ''මේක යට...දේශපාලනය''| Ada Derana

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

ගෑස් ගන්න පෝලිමේ යන ගාල්ලේ ජනතාව...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

කාලගුණයේ අලුත්ම දැනුම්දීම...

 රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

රටම ආදරේ කරන අග්බෝ එකපාරට කැලෙන් මතුවූ හැටි...

Lassana Flora
Spotlight
දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

 විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයට දුන් නියෝගයේ වෙනසක් නෑ

අයවැයට IMF ඇහැගහගෙන

අයවැයට IMF ඇහැගහගෙන

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

දළ ඇතුන් 99ක් අතුරුදන් ? | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

මහ වැසි - දිස්ත්‍රික්ක 7කට අවදානම් නායයෑම් නිවේදන | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී  ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට අමතක නොවන විශිෂ්ට ජයක් | Ada Derana

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

ක්‍රීඩා උත්සවයකදි සිසු දිවියකට හානි වුණොත් රු ලක්ෂයක් - සුරක්ෂා සිසු රක්ෂණයේ සංශෝධනයක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්

රේගුව සුරාබදු හා දේශීය ආදායම ඉලක්ක සපුරයි - භාණ්ඩාගාරයට බිලියන 4,910ක්