
අණ නොතකා ධාවනය කළ ත්රිරෝද රථයකට කළුතර නාගොඩ ප්රදේශයේදී පොලිසිය විසින් වෙඩි තබා තිබේ.
කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකකටයුතු ත්රිරෝද රථයක් කළුතර බෝබුවල ප්රදේශයේදී නතර කරන ලෙසට සංඥා කර ඇත.
කෙසේ වෙතත්, පොලිස් අණ නොතකා ත්රිරෝද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර, පොලිසිය එය කිලෝමීටර් හතරකට ආසන්න දුරක් හඹා ගොස් කළුතර නාගොඩ ප්රදේශයේදී මෙලෙස වෙඩි තබා තිබේ.
එහිදී ත්රිරෝද රථයේ රියදුරුට වෙඩි වැදී තුවාල සිදුව ඇති අතර, ඔහු ප්රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කළුතර රජවත්ත ප්රදේශයේ පදිංචි 'රජවත්ත සංජු' නමැති පුද්ගලයකු බව ද සඳහන්.
පොලිසිය පැවසුවේ ත්රිරෝද රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී මත්ද්රව්ය සොයාගත් බවය.



















































